ඇත් ප්‍රහාරයෙන් මියගිය අලියාට, අලි රංචු පිටින් පැමිණ අවසන් ගෞරව දක්වති
කලාවැව ජාතික උද්‍යානයේ සිටි අලි රැලක නායකයකු වන අලියකුට ඇතෙකු විසින් ප්‍රහාරයක් එල්ල කොට මරා දමා තිබේ. මරාදැමූ රැහේ නායකයාට අවසන් ගෞරව දැක්වීම සදහා වන අලි රංචු පිටින් පැමිණ සංවේගයට පත්වන අයුරු ඊයේ (16වැනිදා) කලාවැව ජාතික උද්‍යානයේ දී දැකගත හැකි විය.
කලා වැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් 300ක් පමණ සිටින අතර එම අලි කණ්ඩායම් කිහිපයකට නායකත්වය ලබාදෙන බව කියන මෙම අලියා දින ගණනාවක් තිස්සේ ඇතෙකු සමග සටනක් පැවති බව වනජීවී නිලධාරීහු පවසති. පසුව ඇතා ගේ දැඩි ප්‍රහාරයට ලක්ව ඊයේ (16වැනිදා) පස්වරුවේ එම නායක අලියා මියගොස් තිබේ.
මියගිය අලියාට ගෞරව දැක්වීමට පැමිණි කුඩා අලි පැටවුන් පවා අලියාගේ සිරුර ස්පර්ශ කරමින් දැඩි සංවේගයකින් යුතුව සිටින අයුරුක් දිස් විය. වනජීවී නිලධාරීන් කියාසිටියේ එවැනි අවස්ථා ඉතා දුර්ලභ බවයි.
මියගොස් වැටී සිටි අලියාට කැලේ සිටින අනෙකුත් අලින් අවසන් ගෞරව දැක්වීමෙන් පසු පැමිණි දබර කරගත් ඇතා මියගිය අලියාට යළිත් සිය දළවලින් ඇන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.