ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 282ක් අත්අඩංගුවට
අද (15) උදෑසන 6.00 සිට මධ්‍යහන 12.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 282 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ එම කාලය තුළ රථ වාහන 89ක් සිය භාරයට ගත් බවයි.
ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 28,441දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 7194ක් පොලීසිය භාරයට ගෙන ඇත.
