ඇඳිරි නීතිය කඩ කළ පිරිස 15000 ඉක්මවයි
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 15902ක් සහ වාහන 3991ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.
ඊයේ(06) උදැසන 6 සිට අද(07) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1107 ක් සහ වාහන ද 326ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
