News

ඇඳිරි නීතිය ලිහිල් කිරිම ගැන සළකා බලයි

දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කිරිම පිළිබද රජය කරුණු අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වෙයි.

කොරෝනා අවදානම් කලාප හැර අනෙක් දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය ලිහිල් කිරිම පිළිබද ඒ අනුව අධ්‍යයන කරනු ඇති.

ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ නම් එය දැඩි සෞඛ්‍ය නිර්දේශ මත සිදුකිරිමටත් අදාල නියමයන් අද හෝ හෙට දිනය තුල ප්‍රකාශයට පත් කිරිමටත් නියමිත බව වාර්තා වෙයි.

ලබන සදුදා උදෑසන 5 දක්වා මේ වන විට දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇත.