ඇඳිරිනීතිය හේතුවෙන් ළමා අපයෝජන 33%කින් ඉහළට
ගතවූ දින 07ක කාලය තුළදී පැමිණිලි 111ක් ලැබී ඇති බව ජාතික ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සදහන් කළේ ඉන් පැමිණිලි 36ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි බවයි.
එමෙන්ම ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇති බව හෙතෙම කියා සිටියේය.
එම පැමිණිලි ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන වන බවත්, ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බව ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත සදහන් කළේය.
