News

ඇප ලැබිලත් බන්ධනාගාරයේම සිටින අය ගැන වාර්තාවක් කැඳවයි

අධිකරණය මගින් ඇප ලැබුණද බන්ධනාගාරගතව සිටින අය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොරෝනා වෛරස් අවදානම හමුවේ කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

අධිකරණ මගින් ඇප නියම වුවත් දඩ මුදල් ගෙවීමට නොහැකි වූ රැඳවුවන් විශාල පිරිසක් මේ වනවිට බන්ධනාගාරයේ සිටීම හේතුවෙන් බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතින බව වාර්තා වෙයි.

මීගමුව සහ අනුරාධපුර බන්ධනාගාරවලින් කොරෝනා බව සැක සහිත රැඳවියන් දෙදෙනකු හඳුනාගෙන ඔවුන් රෝහල් ගත කිරීමත් සමගම බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදාළ තීරණයන්ට එළැඹ තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාරවල සියලු නිලධාරීන්ට මුඛ ආවරණ ලබාදීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

 

ඉෂාර රත්නකාර