ඇමෙරිකානු සමාගමක කෝටි 14කට විද්ද හැකර්වරුන් 31ක් සොයා සී.අයි.ඩී. විමර්ශන
අන්තර්ජාලය ඔස්සේ ගදෙනු කරන ඇමෙරිකාවේ ජාත්‍යන්තර වෙළෙඳ සමාගමක බැංකු ගිණුමකට අනවසරයෙන් පිවිස රුපියල් කෝටි දාහතරක් මෙරටට බැංකු ගත කළ හැකර්වරුන්ගේ කණ්ඩායමක තිස් එක් දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
එක කණ්ඩායමේ හත් දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
වංචාවට සම්බන්ධ රුපියල් කෝටි නවයක් පමණ ඊයේ (9 වැනිදා) වන විට සොයාගත් බව විමර්ශන නිලධාරීන් පවසයි.
එම කණ්ඩායම මෙරට පුද්ගලික බැංකුවක වූ ගිණුම් හතළිහකට පමණ ඔන්ලයින් මගින් මෙම මුදල බැරකර තිබේ. අදාළ සමාගමේ වෙබ් අඩවියෙන් කළ ඇනවුම් නැවතීම නිසා යළි එම මුදල් බැර කර ඇති බව හැකර්වරුන්ගේ කණ්ඩායම බැංකුවට දන්වා ඇතත් මෙය ගැන ඇති සැකය මත බැංකු නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
