News

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 8 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 2,557,214ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකාවේ ආසාදිතයින් 819,164ක්, ස්පාඤ්ඤයේ ආසාදිතයින් 204,178ක්, ඉතාලියේ ආසාදිතයින් 183,957ක්, ප්‍රංශයේ ආසාදිතයින් 158,050ක්, ජර්මනියේ ආසාදිතයින් 148,453ක්, බ්‍රිතානයේ ආසාදිතයින් 129,044ක් සහ තුර්කියේ ආසාදිතයින් 95,591ක් ලෙස වාර්තා වේ.

ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 177,641ක් ලෙස වාර්තා වේ.

වැඩිම මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 45,340ක්.

ඉතාලියෙන් මරණ 24,648ක්, ස්පාඤ්ඤයෙන් මරණ 21,282ක්, ප්‍රංශයෙන් මරණ 20,796ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 17,337ක් ලෙස වාර්තා වේ.