News

ඇමෙරිකාවේ කොරෝනා මරණ පනස්දහස ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 191,061ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්.

එම සංඛ්‍යාව 50,243ක්.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 20,861ක්.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 886,709ක්.

ලොව පුරා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,725,920ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි.