ඇල්පිටිය අටකොහොටේදී බස් රථයක් තුළ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට
ඇල්පිටිය අටකොහොට ප්රදේශයේදි බෝගහවංගුව අසළදී බස් රථයක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය බවයි.
වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා ඉඩම් නඩුවක් සඳහා පෙනී සිටීම සදහා බස් රථයෙන් අළුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කරමින් සිටියදී ඊට ගොඩ වූ පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක් වු වල්ඉඟුරු කැටිය, ඌරගස්මං හන්දිය ලිපිනයේ පදිංචි මාවනා හේවා රංජිත් ජයවර්ධන යන පුද්ගලයෙකි.
ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
