News

ඇල්පිටිය ප්‍රා. සභා ඡන්දය තහනම් කිරීමට ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, මුර්දූ ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී වගඋත්තර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ නොතිසී තමන්වෙත නිසි පරිදි ලැබී නොමැති බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අවශ්‍ය ලේඛන ලබාදෙන මෙන් පෙත්සම්කරුවන්ට දැනුම් දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන 24 වනදා සිදුකරන බව නියම කළේය.