ඇල්පිටියට මන්ත්‍රීවරු වැඩිවෙති
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය බොහෝදුරට මෙම බදාදාට (16 වැනිදා) නිකුත් කිරීමට හැකි වෙතැයි ගාල්ල තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිවරණ පවසයි.
තෝරා ගැනීමට නියමිතව තිබූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව විසිඅටක් (28) වුවද, පනතට අනුව අනුපාතය ගනිද්දී මන්ත්‍රී ධුර සංඛ්‍යාව එකකින් වැඩිවීම නිසා (29 දක්වා) ඊට මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇති බවද ඔ හු කීවේය.
මන්ත්‍රී ධුර සඳහා කාන්තා සහ තරුණ නියෝජනය ඇතුළත් කරන ආකාරය පිළිබඳවද පැහැදිලි කිරීමක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇතැයි පැවසේ.
එම පැහැදිලි කිරීම ලැබුණු පසු එය පක්ෂ මහලේකම්වරුන්ට යැවීමට නියමිතය. ඒ අනුව මහලේකම්වරුන් ලැයිස්තුව සකසා එවීමෙන් පසු ගැසට් නිවේදනය බදාදා (16 වැනිදා) පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ.
කාන්තා නියෝජනය සියයට විසිපහක් (25%) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ කාන්තාවන් දෙදෙනකු සිටින බවද වාර්තා වේ.
සාලිය කුමාර ගුණසේකර
