ඇවන්ට්ගාඩ් නඩුව අප්‍රේල් 29 වනදා දක්වා කල්යයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් 29 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියෝග කර ඇත.
ඇවන්ට්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කළැයි ඔවුනට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර එම නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පවතින නඩුවේ නියෝගයෙන් පසු ඒ ගැන පියවර ගැනීමට නඩුව කල් තබන ලදී.