News

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (16) රාත්‍රී 11.30 ට පමණ ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නිශ්ශංක සේනාධිපති මහතා මේ වන විට කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන එමින් සිටින බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.