News

ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් පවත්වන බව ජනපති කියයි

ජනපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පළාත් සභා 06 ක කටයුතු මේ වන විට අකී‍්‍රය වී තිබෙන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බවත් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බවත් එතුමා සඳහන් කළේය.

ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන් ඒ පිළිබඳ මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර තිබෙන බව කියා සිටි අතර ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදිමට කටයුතු කළ යුතු බව පැවසිය.