News

ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පිරිස් වෙනුවෙන් ජංගම සේවයක්

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති අය වෙනුවෙන් ජංගම සේවයක් ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) දින ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාල ශ්‍රවාණාගාරයේදි පැවැත්විය.

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ දිර්ඝ කාලිනව පදිංචිව සිටි මෙතෙක් හිමිකම් ඔප්පුවක් නොමැති බලපත්‍රයක් මත සිටින අය සහ ඉඩමක් නොමැති අය වෙනුවෙන් මෙම ජංගම සේවය පැවැත්විය.

මෙම ජංගම සේවයට පැමිණි අයවරුන්ගෙන් ඉඩම් හිමිකම් ඔප්පු ලබා දිම සදහා සුදුසුකම් ලැබු ඉඩම් හිමියන් වෙනුවෙන් එම ඉඩම් මැනිම් කටයුතු සිදු කර පා.ම විසුරුවා හැරිමට ප්‍රථම ඉඩම් හිමිකම් ඔප්පු ලබා දිමට නියමිතයි.

ජංගම සේවය සදහා ඉඩම් අමාත්‍යංශය , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව , මිනුම්දොරු දෙපාර්තුමේන්තුව , ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍යය ආයතන රැසක නිලධාරින් සහභාගි වි සිටියහ.

 

ශානක ප්‍රසාද්