News

ඉතාලියේ කොරෝනා මරණ විසිදහස ඉක්මවයි

ලොව පුරා කොරෝනා (COVID-19) වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,926,235ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 587,173කි.

ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 170,099ක්, ඉතාලියෙන් ආසාදිතයින් 159,516ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 136,779ක්, ජර්මනියෙන් ආසාදිතයින් 130,072ක් සහ බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 88,621දෙනෙකු වාර්තා වේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 23,644කි.

ඉතාලියෙන් මරණ 20,465ක්, ස්පාඤ්ඤයෙන් මරණ 17,756ක්, ප්‍රංශයෙන් මරණ 14,967ක්, ප්‍රංශයෙන් මරණ 14,967ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 11,239ක් වාර්තා වේ.