ඉතාලියේ සිට මෙරටට හෂීස් ගෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට
ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ගෙන් වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් හත්ලක්ෂ අසූදහසක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සමඟ කොච්චිකඩේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.
සැකකරුවන් සතුව තිබී රූපවාහිනී යන්ත්‍රයක්, විදුලි උදුන් දෙකක්, ජංගම දුරකථන පහක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
එම විදුලි උපකරණ තුළ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක්ද සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සැකකරුවන් මිනුවන්ගොඩ, හොරණ සහ මූණමල්දෙනිය පදිංචිකරුවන් වනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.