ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගයේ විශාල කොන්ක්‍රීට් කණුවක් කඩා වැටෙයි – දෙදෙනෙකුට තුවාල
ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාලම් සඳහා භාවිතා කරන විශාල කොන්ක්‍රීට් කණුවක් සවි කිරීමට යාමේ දී එය ගැලවීමෙන් සිදු වු අනතුරකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
මෙම අනතුර අද (02) උදෑසන 10.30 පමණ සිදුව ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල දක්වා ඉදිවන පොල්ගහවෙල වදාකඩ ප්‍රදේශය හරහා ඇති අධිවේගී මාර්ගයේ පාලම් සෑදීමට ගන්නා විශාල කොන්ක්‍රීට් කණුවක් දොඹකර දෙකකින් සවි කිරීමට යාමේදී සමබරතාවය නොවීම හේතුවෙන් එම කොන්ක්‍රිට් කනුව මැදින් කැඩී බිමට වැටී ඇත.
එම අවස්ථාවේ දෙපස කොන්ක්‍රීට් බැම්මේ සිටි කම්කරුවන් දෙදෙනෙකු ද බිමට වැටීමෙන් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් එම කොන්ක්‍රීට් කණුවේ වටිනාකම ලක්ෂ 80 පමණ වන බවත් එහි සිටි මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති නිලධාරියකු පැවැසීය.
ඒ.එම් ඩි අධිකාරි පොල්ගහවෙල


