News

ඉදිරියේදී ජනතාව නැගී සිටීම කිසිවෙකුටත් වැළැක්වීමට නොහැක

ත්‍රස්තවාදයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඇමතිවරුන් ඉවත් නොකිරීමට එරෙහිව ඉදිරියේදී ජනතාව නැගී සිටීම කිසිවෙකුටත් වැළැක්වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදුව ඇති බවට කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අදාළව ජනාධිපති කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (21)පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.