ඉදිරියේදීත් තරමක ශීත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතීන බවත් නැගෙනහිර පළාතෙත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් සඳහන් කරන එම දෙපාර්තමේන්තුව හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් කරයි.
හම්බන්තොට සිට මඩකළපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුනු කොට දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.