News

ඉන්දියාවෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

කොවිඩ් – 19 වසංගත රෝගී තත්ත්වයේ දී භාවිතා කළ හැකි ඖෂධ වර්ග 3,668ක් ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ඉන්දීය ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද(08) ස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ඖෂධ තොගය ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසු, ඉන්දීය ගුවන් සේවයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.