ඉන්දියාවේ කෝවිඩ් වැඩි වීමත් සමග මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි
මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරිමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.
ඒ ඉන්දියාව තුල කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි.
ධීවර කටයුතුවල නිරත වීමට යැයි පවසමින් ඉන්යාවෙන් පුද්ගලයින් මෙරටට ඇතුලුවීම වැඩි ඉඩක් පවතින බවයි නාවික හමුදාපතිවරයා පවසන්නේ.
මෙම ආරක්ෂක වැඩපිළිවෙලට ගුවන් හමුදාවේ සහය ද හිමිව ඇති බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ.
