News

ඉන්දියාවේ සිටින ලාංකික සිසුහු 700 න් 475 ක් ලියාපදිංචි වෙති

ඉන්දියාව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික සිසුන් 700 ක් පමණ පිරිසෙන් 475 දෙනකු නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත.

මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ සිය කාර්යාලය විසින් මෙන්ම චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බායිහි කොන්සල් ජෙනරල් කාර්යාලය එක්ව තවදුරටත් එරට වාසය කරන ශ්‍රී ලාංකික සිසුන්ගේ දත්ත එක්රැස් කරන බවයි.

මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙම සිසුන් රැඳී සිටින නේවාසිකාගාර අඛණ්ඩව විවෘතව තබාගැනීම, ආහාර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ​වෛද්‍ය පහසුකම් සැපයීම ආදී අවශ්‍යතා වෙනුවෙන් මේ වනවිට ඉන්දීය රජය සමග කටයුතු කරමින් සිටින බවයි.

එසේම මහ කොමසාරිස් කාර්යාලය මෙම සිසුන්ට උපදෙස් ලබාදී ඇත්තේ ගෘහස්ථව ආරක්ෂිතව රැඳී සිටින ලෙසයි. ශ්‍රී ලාංකික සිසුන් රැඳී සිටින ඉන්දියාවේ ප්‍රාන්ත සහ සිසුන් සංඛ්‍යාව මෙසේය.

පන්ජාබය 110, මහරාශ්ට්‍ර 56, උත්තර ප්‍රදේශ් 59, ඔඩිස්සා 71, ගුජරාට් 43, චටිස්ගාර් 36, දිල්ලි 32, බටහිර බෙංගාලය 32, රාජස්ථාන් 24, මේඝාලයා 4, හිමාචල් ප්‍රදේශ් 2, ඇසෑම් 1, ගෝවා 1, හර්යානා 1, මධ්‍ය ප්‍රදේශ් 1, මනිපූර් 1, උත්තර් කන්ද් 1.