News

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වූ සුෂ්මා ස්වරාජ් ඊයේ (06) හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.

හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් දිල්ලියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව NDTV පුවත් සේවය වාර්තා කරයි.

1952 පෙබරවාරි මස 14 වනදා උපත ලද ඇය, විදේශ කටයුතු අමාත්‍ය ධුරය ඇතුලූ අමාත්‍ය ධුර රැසක් පසුගිය කාලයේ හොබවා ඇති අතර මියයනවිට 67 වන වියේ පසුවිය.