ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට දිවයිනට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට පෙරවරුවේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.
යළි අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දිමෙන් පසු ඔහු නිල සංචාරයක නිරත වන දෙවන රට ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක් වන අතර හෙට (09) දින උදෑසන කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර ඇත.
ඉන්දීය අග්‍රමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
