ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදුවක ගින්නක්
ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක හදිසි ගින්නක් හටගෙන තිබේ.
ඒ බටහිර ජාවා ප්‍රාන්තයේ පිහිටි එරට විශාලතම තෙල් පිරිපහදුව වන බලොන්ගැන් තෙල් පිරිපහදු පර්යන්තයේ අද (29) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රදේශයේ පදිංචිකරුවන් 955 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ භටයන් විශාල පිරිසක් යොදවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.