News

ඉන්ධන අලෙවිය පහලට

මේ වන විට අප රටේ ඉන්ධ අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.

විදුලිබල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

කොවිඩ් 19 වෛරස රෝගි තත්ත්වය හේතුවෙන් මේ වන විට මහජනතාව තම ගමන් බිමන් සීමා කර තිබේ.

බස් රථ හා දුම්රිය ද ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවන හෙයින් ඉන්ධන අලෙවිය නොසිරු විරූ අයුරින් පහළ ගොස් තිබෙන බව අමාත්‍යාංශය පවසයි