News

ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනී

උතුරු දුම්රිය මාර්ගයේ ශ්‍රාවස්තිපුරදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (13) අලුයම පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වෙයි.

කොලොන්නාවේ සිට අනුරාධපුරය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර එම දුම්රිය පිලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

එමෙන්ම දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව පාලක මැදිරිය සඳහන් කළේ ය.