ඉන්ධන මිල අඩු කලාට බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු විජේරත්න
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ කිසිදු විද්‍යානුකූල පදනමක් නොමැතිව කාබන් බද්ද ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.
එහි දුම් පරික්ෂාව මගින් සිදුවන්නේ ද වාහන වලින් පිටවන කාබන් සඳහා බද්දක් අය කිරිම බැවින් මෙම කාබන් බද්ද අය කිරිම වහාම නවතා දැමිය යුතු බවත් දෙවතාවක් එකම කාරණය සඳහා බදු අයකිරිමට රජය කටයුතු කිරිමට සුදානමින් සිටන බව ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉන්ධන මිල සූත්‍රය සම්බන්දයෙන්ද අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටියේ ඉන්ධන මිල අඩු කරන ආකාරයෙන්ද කිසිදු හරයක් නොමැති බවත් රුපියල් දෙකකින් ඉන්ධන මිල අඩු කළ පමණින් බස් ගාස්තු අඩු කළ නොහැකි බවය.