ඉන්ධන මිල ඉහළට
ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධන කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව රුපියල් 132.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දමා ඇත.
එහි නව මිල වන්නේ රුපියල් 135.00 කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 164.00 ක් වනු ඇත.
රුපියල් 104.00 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි සංශෝධනයක් මෙවර සිදුවී නොමැත.
සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ, රුපියල් 136.00 ක් ලෙසයි.
එය රුපියල් 2.00 කින් ඉහළ දැමුණි.