ඉන්ධන මිල සංශෝධනය යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
ඉන්ධන මිල සංශෝධනය කිරීමේ යෝජනාව අද(11)කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහත වැටී ඇති අතර එයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කිරීම සඳහා අදාල යෝජනාව ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.
ඉන්ධන මිල අඩුවීමේ සමස්ත වාසිය ජනතාවට ලැබෙන පරිදි මෙම යෝජනාව ඉදිරිපත් කරන බවත් ප්‍රවාහන ගාස්තු ඇතුළු සමස්ත සේවාවන්වල ගාස්තු සංශෝධනයක් සිදුවන පරිදි අදාල යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කළේය.
