News

ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි

ඉන්ධන මිල සූත්‍ර කමිටුව සෑම මසකම 10 වනදා රැස් වී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන අතර පසුගිය 10 දා රජයේ නිවාඩු දිනයක් බැවින් එම කමිටුව රැස් නොවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

එම නිසා ඊයේ දිනයේද රජයේ නිවාඩු දිනයක් වූ බැවින් අද දින ඉන්ධන මිල සූත්‍ර කමිටුව රැස් වීමට නියමිතව ඇත.

පසුගිය මාසයේ රැස්වු ඉන්ධන මිල සුත්‍ර කමිටුව ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කළ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 05කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05කින්ද පහත දැමුණි.