News

ඉන්ධන හැංගුවොත් බලපත්‍රය අහෝසියි

ඉන්ධන හිගයක් පිළිබද කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නැති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි.

කිසියම් පිරිසක් විසින් කෘතිමව රටතුල ඉන්ධන හිගයක් මවා පෑමට උත්සහ කරමින් සිටින බවයි එම සංස්ථාව පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්ධන සැගවීමට උත්සහ දරන ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිඛේ.

කිසිදු ඉන්ධන හිගයක් රටතුල නොමැති බවත් අති විශාල ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව පවතින බවත් අමාත්‍යංශය පෙන්වා දෙයි.

කෙසේවෙතත් අද දිනය තුල ද කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසල දිගු රථවාහන පොලිම් දැක ගන්නට ලැබිණි.