ඩුබායි සිට දිවයිනට පිටුවහල් කළ මධුෂ් තවමත් CIDයේ
ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කළ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගෙන් පැය 24කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටියි.
දැනට ක්‍රියාත්මක රෙගුලාසි යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට හැකියාවක් පවතින බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළ අතර මනුෂ්‍ය ඝාතන ඇතුලු දරුණු අපරාධ රැසකට සම්බන්ධ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඊයේ (05) අලුයම 5 ට පමණ කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් භාරයට ගැණුනේය.