උත්තරාදේවි කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරයි
උත්තරාදේවි දුම්රිය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකා වැඩසටහන පැවැත්වුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දුගේ ප්‍රධානත්වයෙනි.
එම දුම්රිය පෙරවරු 5.30 ට ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක උත්සවය කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත් වුණු අතර අනතුරුව උත්තරාදේවී දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරේ බලා ගමන ආරම්භ කළේය.
උත්තරාදේවි අද පස්වරු 01ටයාපනය දුම්රිය ස්ථානයටත්, පස්වරු 3 වනවිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයටත් ළඟා වෙනු ඇති.
එමෙන්ම ඉදිරියේදී තවත් නව ද්විත්ව බලවේග කට්ටල 5 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත අතර චීනයෙන්ද තවත් නව ද්විත්ව බලවේග කට්ටලයක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.