උත්සව සමය වෙනුවෙන් දුරගමන් සේවා බස් රථ හයදහසක්
උත්සව සමයේ කොළඹ සිට දුර පළාත්වලට යාම සඳහා ශ්‍රීලංගම හා පෞද්ගලික බස් රථ හය දහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබේ.
ලබන අප්‍රේල් 09 වනදා සිට 14 වනදා තෙක් කොළඹ සිට ගම්බිම් බලා යාම සඳහාත් 15 වනදා සිට 20 වනදා පිට පළාත්වල සිට කොළඹට ඒම සඳහාත් විශේෂ මගී ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන අමාත්‍යංශයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වේ. නියමිත කාල සටහනකට අනුව ධාවනය වන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුරගමන් සේවා බස් රථ 1300ට අමතරව බස් රථ 1500කට අධික බස් රථ සංචිතයක් සූදානම් කර ඇති බවත් ක්‍රමානුකූලව බස් රථ යොදවමින් මගී ප්‍රවාහනය සිදුකරන බවත් සාමාන්‍යාධිකාරී පැවසීය.
එෆ්. අස්ලම්