උතුරු මැද ‘‘සෞඛ්‍යයේ’’ ලක්ෂ 5099ක් මකර කටට
උතුරු මැද පළාත් සභාවට අයත් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂය අවසාන වන විට ඉටු කළ යුතු කාර්යයන් 2018 වර්ෂය වන විටත් ඉටු කර නොතිබූ බව විගණනයේදී හෙළි වී ඇත. රුපියල් ලක්ෂ 5099කින් ව්‍යාපෘති 142ක් ක්‍රියාත්මක කළ යුතු වුවත් 2018 වර්ෂය වන විටත් ඒවා ඉටු කර නොමැත.
පළාතේ නිශ්චිත සංවර්ධන ප්‍රදාන සහ දෙවැනි සෞඛ්‍ය ආංශික සංවර්ධන ව්‍යාපෘති (SHSDP) යටතේ රුපියල් ලක්ෂ 11572ක ප්‍රතිපාදනවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගෙන නොමැති බවද හෙළිව තිබේ.
දෙවන සෞඛ්‍ය ආංශික සංවර්ධන ව්‍යාපෘති යටතේ 2013 වර්ෂයේදී රුපියල් මිලියන 566ක ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 269ක් ලබා දුන් ව්‍යාපෘති 47ක් 2018 ජුනි 30 වන විටත් නිමකර නොමැති බව හෙළිකර ගෙන ඇත.
චමින්ද සේනාරත්න