News

උතුරුමැද පළාතේ සම ආශ්‍රිතව සීග්‍රයෙන් පැතිරෙන දිලීරයක්

 

 

උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ‘ටිනීයා’ නම් දිලීර අසාදනයක් හේතුවෙන් සමේ රෝගයක් පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍යය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය සඳහන් කර ඇත.

මෙම දිලීරය ස්පර්ශය මගින් හෝ ආසාදිත රෝගියකුගේ ඇදුම් මගින් කෙනෙකුට බෝ විය හැකි අතර සම මතුපිට තෙතමනය රැදෙන දහදිය දමන ස්ථානවල බහුලව දක්නට ලැබී ඇත.

ශරීරයේ ඕනෑම ස්ථානයක මතුවිය හැකි බව පැවසෙන අතර විශේෂයෙන් ඉකිලි, කිහිලි හා පියයුරු වලට යටින් මුහුණ ආශ්‍රිතව බහුලව වාර්තා වී තිබේ.

ටිනියා ආසාදනය රජරට පුරා පැතිර යමින් පවතින අතර සෞඛය අංශ සඳහන් කරන්නේ රෝගීන් තම හිතුමතය අනුව ඖෂධ භාවිතා කිරීම පෙනෙන්නට තිබෙන බවයි.