News

උතුරෙන් හමුදාව ඉවත් කළොත් එක්සත් ශ්‍රී ලංකාව දෙකඩ වෙනවා – ශිවාජිලිංගම් කියයි

උතුරෙන් යුද හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි. උතුරෙන් සම්පූර්ණයෙන්ම හමුදාව නිදහස් කළහොත් එක්සත් ශ්‍රී ලංකාව දෙකඩ වී වෙනම රාජ්‍යයක් බිහි වන බව ඒ මහතා සඳහන් කළේය.

උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණයත් සමග යුද හමුදාව විපතට පත්වූවන්ට පිහිට වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් අරුණ කළ විමසීමකදී ඔහු ඒ බව සඳහන් කළේය.
රටේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව ස්ථාපිත කර ඇති යුද හමුදා කඳවුරුවලට සාපේක්ෂව උතුරේ කඳවුරු තිබීමද තමන් කිසිසේත්ම විරුද්ධ නොවන බවයි ශිවාජිලිංගම් සඳහන් කළේ. මේ අවස්ථාවේ යුද හමුදාව සිදුකළ කැපවීමට ස්තුතිය පළ කළේය.

චමින්ද සේනාරත්න