උතුරේ ආපදාවට ලක්වූවන්ට යුධ හමුදාව හරහා වියළි ආහාර බෙදාදෙයි
උතුරු පළාතට හටගෙන තිබෙන ජල ගැලීමේ හේතුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්රදේශයන්ගේ සිවිල් ජනතාව වෙත වියළි ආහාර ලබාදීම යුධ හමුදාව හරහා මේ දිනවල සිදුකරමින් පවති.
විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හරහා ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය යුධ හමුදා නිළධාරීන්ගේ සම්බන්ධීකරණය යටතේ එලෙස බෙදාදෙනු ලැබීය.
වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් උතුරු පළාතේ පවුල් 38209 කට අයත් පුද්ගලයින් 118538 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති.
වවුනියාව – මාධව කුලසූරිය