News

උතුරේ ප්‍රශ්න විසදන්න උතුරේ දේශපාලන පක්ෂවලට ඉඩ දිය යුතුයි

උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට උතුරේ දේශපාලන පක්ෂවලට ඉඩ දිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.

ඉංගිරිය ප්‍රදේශයේ ඊයේ(19) පස්වරුවේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජාතික ආණ්ඩුව සිදුවීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය බහුතරය පාර්ලිමේන්තුව තුළ ලබා ගත යුතු බවත්,ඒ බහුතරය ලබා ගැනීමට මේ වන විට සාකච්ඡා සිදු කරනු ලබන බවද අමාත්‍යවරයා පවසනවා.

අයවැය තුළින් ද බහුතරය හිමි කර ගැනීමට හැකි වන බවත්, කවුරුන් හෝ සිටි නම් පරාජය කර පෙන්වන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

දකුණෙත් අගමැතිවරයාට පවා දුන් බවට චෝදනා කරන බවත්, උතුරෙත් එවැනි තත්ත්වයක් ඇති බවත්, අද වන විට අගමැතිවරයාට දෙපැත්තෙන්ම චෝදනා එල්ල වන බව පැවසු අමාත්‍යවරයා, උතුරේ හා නැගෙනහිර ජනතාව නියෝජනය කරන පක්ෂයක් ඇති බවත්, ඒ අය පාර්ලිමේන්තුව තුළ සිටින බවත් එම පිරිසට ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට ඉඩ ලබා දිය යුතු බව ද කියා සිටියා.