News

උතුරේ සියලුම පාසල් 14වැනිදා වසා දැමේ

ලබන 14 වැනිදා උතුරු පළාතේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ ලබන 15 වැනිදාට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන්.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ සඳහා හිලව් දිනයක් ලෙස ඉදිරි සති අන්ත දිනක පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළා.