News

උපකාරක පන්ති ආරම්භ කිරීමට සැළසුමක් නෑ

පසුගිය මාර්තු 10 වැනිදායින් අවසන් වූ 2020 අධ්‍යයන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජූනි මාසයේ නිකුත් කිරීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජ.එල්. පීරිස් මහතා පවසයි.

අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ජූලි මාසය වන විට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද අප්‍රේල් මාසය අවසානයේදී ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරයි.

එළඹෙන 29 වන සඳුදා සිට පෙර පාසල් ඇතුළු සියළුම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කරන බව දැනුවත් කළ විෂයභාර අමාත්‍යවරයා කියාසිටියේ පාසල් වැසී තිබීම හේතුවෙන් සියලු දරුවන්ට යම් යම් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවූ බවයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීම සම්බන්ධයෙන් ද මේ වන විට තීරණයක් ගෙන නොමැති බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගෙන ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර පාසල් ආරම්භවීමත් සමග පෙ$ද්ගලික පන්ති ආරම්භ කිරීමේ සැළසුමක් නොමැති බව පැහැදිලි කළ අමාත්‍යවරයා මුළු රටේම පාසල් සහ පෙර පාසල් ඇරඹීමට ලැබීම විශාල ප්‍රගතියක් බවත් එහෙත් උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සළකා බලන බවද ජී.එල්. පීරිස් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.