උපයන ඩොලර් දින 7ක් ඇතුළත ගිණුමකට බැර කරන්න
ශ්‍රී ලංකාවේ කෙරෙන ව්‍යාපාර කටයුතුවලදී ඉපැයීම් ලෙස ලැබෙන විදේශ ව්‍යවහාර මුදල් (උදා: ඇමරිකානු ඩොලර්) දින 7ක් ඇතුළත විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට බැර කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව නව රෙගුලාසි නිකුත් කර තිබේ.
එසේම විදේශ මුදල් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තවත් නව රෙගුලාසි කිහිපයක්ද හඳුන්වා දී ඇත. ඒ අනුව විදේශ රැකියාවක, වෘත්තියක හෝ ව්‍යාපාරයක නිරත වීමෙන් උපයන ශ්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ ව්‍යවහාර මුදල් ඕනෑම ප්‍රමාණයක් සන්තකයේ තබාගත හැක්කේ දින 90ක කාලයක් සඳහා පමණි.
කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් 15,000ක් දක්වා (හෝ ඊට සමාන වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්), විදේශ සංචරණ සඳහා ශ්‍රී ලංකාවේදී බැංකුවකින් ලබාගත් නමුත් විදේශ සංචරණයකදී භාවිතයට නොගෙන නැවත මෙරටට ගෙන එන ලද විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ඕනෑම කාල සීමාවක් දක්වා සන්තකයේ තබාගත හැකිය. මීට අමතරව විදේශ සංචරණ සඳහා පෞද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකින් හෝ ව්‍යපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකින් ලබාගන්නා ලද හෝ විදේශයකට සේවා සැලසීම හෝ භාණ්ඩ සැපයීමක් වෙනුවෙන් ගෙවීමක් ලෙස විදේශයකදී ලද විදේශ ව්‍යවහාර මුදලක් ද ඕනෑම කාලයක් දක්වා (ඩොලර් 55,000ක උපරිමයක් දක්වා) සංචිතයක් තබාගත හැකිය.
නයන තරංග ගමගේ