News

උසස් පෙළ ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදවන ලකුණු

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි ඔහු පැවසුවේ.

සෑම වසරකම නිශ්චිත දිනයකදී උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය වසරේ උපදෙස් දී තිබුණා.

ඒ අනුව උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 සහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 යන දිනයන්වල ලබාදෙන ලෙසටයි උපදෙස් දී තිබුණේ.