උසස් පෙළ විභාග අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ නොකෙරේ
මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
පාසල් අයදුම්කරුවන් සඳහා අදාළ අයදුම්පත් මේ වන විට විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම මේ මස 25 වනදායින් අවසන් කිරීමට නියමිතයි.
පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අදාළ ආදර්ශ අයදුම්පත ඊයේ(13) දින ජාතික පුවත්පත්වල පළ කර ඇති අතර දෙපාර්තමෙන්තු නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙබ් අඩවියෙන්ද බාගත කරගත හැකි බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.
පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් බාර ගැනීම අවසන් වන්නේ ලබන මස පළමු වනදා බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම අයදුම්පත් බාර ගැනීමේ කාලය කිසිදු හේතුවක් නිසා වෙනස් නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.