News

ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

ඌව පළාත් සභාවේ නිල කාලය අද රාත්‍රී 12 න් අවසන් වීමට නියමිතව ඇත.

එම පළාත් සභාවේ බලය පළාත් ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇති අතර මෙරට සියලු පළාත් සභාවල නිල කාලය මෙ වනවිට අවසන් වී ඇත.

දකුණු පළාත් සභාවේ නිල කාලය පසුගිය අප්‍රේල් මස 9 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය.

නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා 2017 වසරේදී අවසන් වූ අතර වයඹ හා උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වූයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී වන අතර මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අවසන් වූයේ 2018 ඔක්තෝබර් 08 වැනිදාය.

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය පසුගිය අප්‍රේල් මස 21 වැනිදා අවසන් විය.