News

එ.ජා.ප ‘‘ජනබලය’’ යළි කොළඹට

එක්සත් ජාතික පක්ෂය යළිත් ‘ජනබලය’ කොළඹට ගෙන ඒමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව මෙම ජනබලය කොළඹට කැඳවීමට නියමිත බව ඔහු පවසයි.

එළැඹෙන 13 වැනිදා සවස 2.00ට ගාලුමුවදොර පිටියේදී එම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඒ මහතා පැවැසීය.