News

එජාප නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (20) පැවැත්වෙයි.

එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හෙට පෙරවරුවේ කොළඹ දී සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය 09වනදා පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වු අතර නායකයන් තිදෙනා රැස්ව අවසන් තීරණයක් ගැනීමට එහිදි එකඟ කි ඇත.